පොදු ප්‍රවාහන සේවා නොමැතිව ජනතාව මහමග

By Wasantha Apr 15, 2021 12:26 PM GMT
Report
අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි නගර වෙත පැමිණීම සඳහා මෙන්ම ගම්බිම් බලා යාමට සූදානම් වන පිරිස් වෙනුවෙන් ද, අද අළුයම සිට ලංගම බස්රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. අමතර බස්රථ 200 ක් පමණ ඒ සඳහා යොදවා ඇති බවයි ලංකා ගමනගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.