දීප ව්‍යාප්තව ආරම්භ කිරිමට සූදානම් වූ බස් වැඩ වර්ජනයට සිදු වූ දේ..
By krishani
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්තව ආරම්භ කිරීමට තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට සියලු බස් සංගම් තීරණය කර තිබෙනවා.
ඒ ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ලීසිං සමාගම් විසින් පෞද්ගලික බස්රථ බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බව පවසමිනුයි බස් සංගම් විසින් මෙම වර්ජනය ආරම්භ කිරීමට සැළසුම්කර තිබුණු අතර පවතින ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකරන බවට අමාත්‍යවරයා දුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ ය.