රට පුරා බස් වැඩ වර්ජනයක් කැදවයි..

Strike
By Thaya Jan 17, 2021 08:17 PM GMT
Thaya

Thaya

Report

හෙට දිනයේ සිට රට පුරා බස් රථ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉල්ලන ලද කිසිදු සහනයක් නොලැබූ නිසා මෙම පියවර ගත් බවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග කර්මාන්තය මේ වන විට බින්දුවටම වැටී ඇතැයිද ඔහු කියා සිටී.

බොහෝ බස්රථවල ලීසිං වාරික ගෙවා ගත නොහැකිව බස් රථ හිමියන් අන්ත අසරණ වී ඇති බවත් ලීසින් සහනයක් ඉල්ලුවද එයද ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම දේශපාලන හිතවතුන්ට පුද්ගලික බස් රථ මාර්ග ධාවන බලපත්‍ර නිකුත් කිරීමට විරෝධය පළකරන බවත් එය වහා නතර කළ යුතු බව ඔහු සඳහන් කරයි.