රනිල් යලි පාර්ලිමේන්තුවට.. තීන්දුව ඒකමතිකයි..
By Wasantha
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාර ගනු ඇතැයි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය විසින් ගන්නා ලද ඒකමතික තීන්දුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉදිරියේදී සූදානමින් සිටින බවද ඒ මහතා කියා සිටියේය.
අබේවර්ධන මහතා මෙසේ පැවසුවේ ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.