මෝටර් රථයක් තුළින් පිළිස්සුණු මළසිරුරක් හමුවෙයි..

Police
By Thaya Mar 11, 2021 09:37 PM GMT
Thaya

Thaya

Report

කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ එම මළ සිරුර සොයාගත් බවයි.

අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී ඇති බවත් මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට දැනට හඳුනාගෙන තිබේ.

රාත්‍රී ආහාර ගැනීමට යම් ස්ථානයකට ගොස් ඉන් අනතුරුව එම මෝටර් රථයෙන් ගමන් කර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

අද දිනය තුළ දී රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු විශේෂඥයින් අදාළ ස්ථානයට ගෙන්වා නුගේගොඩ අධිකරණය වෙත දන්වා මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.