භූමදානය කලොත් අවු.10,000කට එහා පරම්පරාවටත් පීඩා – මහාචාර්ය ප‍්‍රියන්ත යාපා

Burial
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

අවදානමක් අරගෙන භූමදානය කලොත් ප‍්‍රතිවිපාක අවුරුදු 10,000කට එහා පරම්පරාවට මේකේ පීඩාව අත්වෙන්න පුළුවන් – මහාචාර්ය ප‍්‍රියන්ත යාපා මහතා

කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බව සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබඳ විශේෂඥ, මහාචාර්ය ප‍්‍රියන්ත යාපා මහතා අවධාරණය කරයි.

කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමෙන් සිදුවන අනතුර ගැන ඒ මහතා මෙලෙස අදහස් දක්වා තිබිණි.

”මොනම හෝ අවස්ථාවක සැක සහිතව අවදානමක් අරගෙන තීරණ ගත්තොත් එහි ප‍්‍රතිවිපාක දැනට ඉන්න පරම්පරාවට විතරක් නෙමෙයි, සමහර විට මීට අවුරුදු 100කට 200කට නෙමෙයි අවුරුදු 10,000කට එහා පැත්තේ පරම්පරාවට වුණත් මේකේ පීඩාව අත්වෙන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ මේ වසංගත හදන ක්ෂුද්‍රජීවීන් එක්ක වැඩකරන කොට. කොවිඞ් – 19 වෛරසය ගැන හරියට පරීක්ෂණ කරන්නවත් විද්‍යාඥයන්ට තාම අවස්ථාව ලැබිලා නෑ. දැන් තමයි විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරන්නේ. ආදාහනය කළොත් අපි දන්නවා මේ ව්‍යාධිජනක වෛරසය සියයට සියයක්ම විනාශ වෙනවා. භූමදානය කළොත් මේක සියයට සියයක් විනාශ වෙනවා ද කියන එක ලෝකයේ කොහේවත් සොයා ගෙන නෑ. මේකේ තියෙන භයානකකම තමයි ඕනෑම වෛරසයකට පොළොවට ගිහින් නිද්‍රාශීලිව අවුරුදු මිලියන ගණනක් ඉන්න පුළුවන් කියලා සොයා ගෙන තියෙනවා. එහෙම උදාහරණ තියෙනවා. ඊට පස්සේ මේක විනාශකාරී භයානක ඉරණමක් අත්කර දෙන්න පුළුවන්.”