නිවසකින් හමුවු බංකරය

Bunker
By Thaya Apr 09, 2021 06:49 PM GMT
Report

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී සරත් කුමාර නොහොත් “ජීටි“ නැමති සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ දී මියගිය “අංගොඩ ලොක්කා “ නැමති අපරාධකරු මුලින්ම අපරාධ සඳහා යොමු කළ පුද්ගලයා මොහු බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය නොවැම්බර් මස 12 වන දින වැලිගම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 112ක් සොයාගනු ලැබු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 9වන සැකකරු අත්අඩංගුවට ගත් “ජීටි“ නැමැත්තා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අදාළ සැකකරු මුල්ලේරියාවේ සිය නිවසේ භූගත බංකරයක් තුළ සැඟවී සිට ඇතැයි ද අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.