නංගිගෙන් ඇහුවහම කිව්වා පිස්සු ද එහෙම දෙයක් නෑ කියලා ඝාතනය වු තරුණියගේ සහෝදරයා කියයි
වේල්ල වීදිය ප්‍රදේශයේදී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස කඳින් වෙන්කරන ලද තරුණියගේ මළ සිරුර ඇගේ සහෝදරයා විසින් හඳුනාගෙන තිබේ. එලෙස ඝාතනය වී තිබුණේ, කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අවිවාහක තරුණියකි. පසුගිය මාර්තු 1 වන දින ඝාතනයට ලක්ව සිටි තරුණියගේ මළ සිරුර සොයාගත් අතර ඒ අනුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ඇගේ අනන්‍යතාවය පොලීසිය විසින් සොයාගෙන තිබුණි. ඒ අනුව ඝාතනයට ලක්වු තරුණියගේ සහෝදරයා වන කුරුවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ප්‍රභාත් ජයසූරිය නැමැත්තා විසින් අද කොළඹ දී තරුණියගේ සිරුර හඳුනාගෙන ඇත.
ඉන් අනතුරුවට මාධ්‍යට අදහස් දැක්වු ඝාතනයට ලක්වු තරුණියගේ සහෝදරයා, “එයා 27 ගියේ සිරිපාදේ යනවා කියලා. මට අන්තිමට කෝල් කරේ 10ට කිට්ටුවෙන්න වගේ. ඊට පස්සේ ෆොන් එක වැඩ කළේ නෑ. ඊයේ දවල් තමා කුරුවිට පොලීසියෙන් ඇවිල්ලා නංගි ගැන, මගේ ගැන විස්තර ඇහුවේ. ඒ තොරතුරු හරහා තමා දැනගන්න ලැබුණේ මෙහෙ බොඩි එකක් හම්බෙලා තියෙනවා, ඒක නංගිගේ කියලා සැකකරනවා කියලා. “ ඝාතනයට ලක්වු දිලිනි යශෝමා ජයසූරිය නැමති තරුණිය ඉකුත් සෙනසුරාදා සිරිපා වන්දනාවේ යන බව පවසමින් නිවසින් පිටව ගොස් තිබේ. ඇය නිවසින් පිටව යන අවස්ථාවේ සහෝදරයා හා මව නිවසේ සිට නොමැති බවත් පසුව ඇය විසින් දුරකථන ඇමතුමක් ලබාදී එරත්න ප්‍රදේශයේ සිටින බව පැවසු බවත් ප්‍රභාත් ජයසූරිය පැවසීය.
“සම්බන්ධයක් තියෙනවා කියලා හරියටම දැනගෙන හිටියේ නෑ. නමුත් ඔය කියන පුද්ගලයාගේ අනියම් සම්බන්ධතාවයක් ඇති කාන්තාවක් මට දැනට මාස කිහිපයකට පෙර කථා කරලා කිව්වා, එයා වැල්ලවායේ කියලා. එයා කතා කරලා කිව්වේ අක්කා කියලා කිව්වේ මැරුණ පුද්ගලයාගේ. දවස් කිහිපයකට පස්සේ අපේ ගෙදර එන්න ඕනේ කිව්වා. මම කිව්වා එන්න ඕනේ නෑ මං නංගිගෙන් අහලා එහෙම දෙයක් තියෙයි ද කියලා බලලා කියන්නම් කියලා. නංගිගෙන් ඇහුවහම කිව්වා පිස්සු ද එහෙම දෙයක් නෑ කියලා. නමුත් එයා බොරු කිව්ව ද දන්නේ නෑ. සතියකට පස්සේ අර කාන්තාව කතා කරලා කිව්වා මම එයාගේ අක්කා නෙමෙයි භාර්යාවක් කියලා. එයා බැඳලා නෑ ළමයි දෙන්නෙක් ද තුන්දෙනෙක් ද ඉන්නවා කිව්වා. “
මාර්තු 1 වන දින කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගයක් අසල ට්‍රැවලින් බෑගයක දමා තිබිය දී දිලිනිගේ බවට සැක කෙරෙන මළ සිරුරක් පොලීසිය විසින් සොයාගනු ලැබීය. ඒ අනුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී යම් පුද්ගලයෙක් හංවැල්ලේ සිට එම බෑගය රැගෙන එන අයුරු දැක්වෙන සී.සී.ටීවි දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්විය. ඒ අනුව අද උදෑසන අදාළ ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන බුත්තල පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයාගේ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබිය දී බඩල්කුඹුර ප්‍රදේශයේ ඔහුගේ නිවස ආසන්නයේ තිබී සොයා ගත්තේය. එලෙස මියගොස් සිටියේ 52 හැවිරිදි දෙදරු පියෙකි.