දරුණුතම කොවිඩ් ප්‍රභේදය මෙරටින් හමුවූ ප්‍රදේශ මෙන්න...අවධානමෙන් සිටින්න.

Corona Colombo Kurunagala British Kovid variet Boralesgamuwa
By Aruna Apr 28, 2021 05:39 AM GMT
Aruna

Aruna

Report

කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ අදාළ ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල අනුව ඒ බව හඳුනාගෙන ඇති බවය.

එම ප්‍රභේදය B 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත් මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.