සුචී නිදහස් කරන්නැයි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කිරීමට බි්‍රතාන්‍යය සූදානම්
Britain
By Thaya
මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන්සාන් සුචී වහා නිදහස් කරන්නැයි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රකාශ කිරීමට මහා බි්‍රතාන්‍යය සූදානම් වනවා.
අද ආරම්භ වන කවුන්සිලයේ 46 වන සැසි වාරයේදී බි්‍රතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් විසින් එය නිල වශයෙන් දැනුම්දෙනු ඇති.
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙස මියන්මාර හමුදා පාලකයන්ගෙන් ඉල්ලා සිටීමටද මහා බි්‍රතාන්‍යය මෙහිදී පියවර ගනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
අවුන්සාන් සුචී මහත්මිය ඇතුලු දේශපාලනඥයන් පිරිසක් අත්අඩංගුවට හෝ නිවාස අඩස්සියට ගෙන අදට සති 03 ක් ගතවනවා.