සිංගප්පූරුවෙන් මෙරටට ඔක්සිජන් ගෙන ඒමේ සූදානමක්.

Matara Oxygen brining to sri lanka Singappur Dalus alahap peruma
By Aruna May 02, 2021 08:00 AM GMT
Report

 මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා ඔක්සිජන් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවුණ හොත් සිංගප්පූරුව වැනි රටකින් ආනයනය කිරීමට තීරණය කර ඇතැයි ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික් කොරෝනා කාර්ය සාධක බලකාය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මෙරටට අවශ්‍ය දැනට ඔක්සිජන් සපයන ප්‍රමාණය මෙන් තුන් ගුණයක ඔක්සිජන් වැඩිපුර ලබාදිය හැකි යැයි මෙරටට ඔක්සිජන් සපයන සමාගම් දෙක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදන හැකියාව ලීටර් 67,000ක් වන අතර සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය සදහා දෛනික අවශ්‍යතා ලීටර් 22,000කි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa