බෞද්ධ නොවන දරුවන් නොමැති අයට ජනාධිපතිකමට සුදුසු නැහැයි කියා නීතියක් ගේන්න – රජයේ මන්ත්‍රීවරයෙක් කියයි

Law
By Thaya Jan 09, 2021 05:50 PM GMT
Thaya

Thaya

Report

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීමේදී රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නව සංශෝධන ඇතුලත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද පාර්ලිමේන්තුව හමුවේ යෝජනා කර සිටියා.

” දැන් තියෙන ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිකම දරන්න සුදුසු වන්නේ බෞද්ධ ඒ වගේම විවාහක අයෙකුට කියලා සඳහන් වෙන්නේ. නමුත් නව ව්‍යවස්ථා සංශෝධනයක් එනවා ඉදිරියේදී. එතකොට අපි ඒ ව්‍යවස්තාවේදී මේකට සංශෝධනයක් ගෙන්න ඕන. එකේ අනිවාර්යෙන්ම ඇතුලත් වෙන්නේ රටේ ජනාධීපතිකම දරන්න හැකි වන්නේ බෞද්ධ, විවාහක ඒ වගේම දරුවන් සිටින පුද්ගලයෙක්ට කියලා. දරුවන් නැති පුද්ගලයින්ට රටේ ජනාධිපතිවෙන්න ඉඩ දෙන්න බැහැ.

දැන් විපක්ෂය චෝදනා කරන්නේ යුක්රේනයෙන් සංචාරකයෝ ගෙන්වනවා කියලා. කොවිඩ් වසංගතය නිසා ලෝකයේම සංචාරක කර්මාන්තය කඩා වැටිලා. අපි සන්තෝෂ වෙන්න ඕන යුක්රේනයෙන් හරි අඟහරු ලෝකයෙන් හරි අපිට සංචාරකයෝ එනවට” මන්ත්‍රීවරයා කියා සිටියා.