යාපනයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක්…
යාපනය කස්තුරි පාරේ පිහිටි පුවත්පත් කාර් යාලයක් අසල නිවසක් වෙතට ඊයේ (06) රාත්‍රියේ කිසියම් නාදුනන් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බයක් එල්ල කොට දේපල රැසකට හානි කොට පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. කස්තුරි පාරේ පිහිටි පුවත්පත් කාර් යලය අසල පිහිටි අදාල නිවසට ඊයේ රාත්‍රියේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් නිවසේ තිබූ යතුරුපැදියකට හා දොර ජනෙල් වලට හානි කොට ඇති අතර පසුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කොට පලා ගිය බවට නිවැසියන් පොලීසියට දැනුම් දී ඇත. අදාල පහරදීමෙන් නිවැසියන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර අදාල පහරදීමෙන් නිවසේ තිබූ යතුරුපැදියකට මෙන්ම දේපල රැසකට හානි සිදුව ඇත. මෙම ප්‍රහාරයට පැමිණි පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර පහරදීම සිදුකල පිරිස් කව්රුන්දැයි යන්න සෙවීම සඳහා යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.