බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50 ත් පන්නයි.

Sri Lanka
By Wayomi Jan 16, 2024 11:59 AM GMT
Wayomi

Wayomi

Report

බොඩි මන්ත්‍ර ලියාපදිංචි කිරීම සඳහා දේශීය හා විදේශීය ඉල්ලුම්කරුවන් 50කට අධික පිරිසක් ආයුර්වේද සංස්ථාවට අයැදුම්පත් ඉදිරිපත් කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ආයුර්වේද සංස්ථාව මූලික වෙමින් බොඩි මන්ත්‍ර (ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන) දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දීම මේ දිනවල සිදු කරන බවත්, මෙමගින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදුවනු ඇති බවයි.

ඒ, අනුව උපාධිධාරි පුහුණු සම්බාහකයන්ගේ අධීක්ෂණය යටතේ ශාරීරික සුව සත්කාරක සේවය ඇති කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගය ආයුර්වේද සුව සත්කාරක මධ්‍යස්ථාන හරහා සිදු කිරීමට නියමිතයි.

බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50 ත් පන්නයි. | Body Mantra Registration Ayurvedic Corporation

මෙය දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද දේශීය වශයෙන් හෝටල් සහ සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන සියලුම ආයතනවලට මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙහිදී ඔහු තවදුරටත් කියා සිටියේ, දැනට ආයුර්වේද ස්පා ලෙස නම් කර ඇති ස්ථානවලින් ආයුර්වේද සම්බාහනය කිරීම නිසි ලෙස සිදුනොවන බවත් එයට විසඳුමක් ලෙස මෙම බොඩි මන්ත්‍ර ස්ථාපිත කළ බවත්ය.


                                                                  Sponsored By Sarrita Jewellery

බොඩි මන්ත්‍ර ලියාපදිංචියට ඉල්ලුම්කරුවන් 50 ත් පන්නයි. | Body Mantra Registration Ayurvedic Corporation

ReeCha