කතෝලික ආගමේ හැටියටත් මෘතදේහ භූමදානය කළ යුතුයි..

Covid-19 Religion
By Thaya Mar 11, 2021 09:37 PM GMT
Thaya

Thaya

Report

කතෝලික ආගමේ හැටියටත් මෘතදේහ භූමදාන කරනවා. නමුත් කතෝලික අපි භූමදානය කල යුතුයි කියල ඉල්ලුවේ නැහැ’ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේද කීය.

කළු ඉරිදාවට සහභාගි වෙන්න සජිත් ප්‍රේමදාසට කිසිම අයිතියක් නැහැ. ඔහු මේ ප්‍රහාරය එල්ල කරපු ත්‍රස්තවාදියෝ එක්ක එකට හිටපු නායකයෝ එක්ක සංධාන ගතවෙලා හිටියෙ. අදටත් ඒ අය එක්ක තමයි වාඩිවෙලා ඉන්නේ. බෝම්බ පිපිරුනාහම මැරිලා තියෙන්නේ තුන්සිය ගාණක් විතරයි කියලා ජේෂ්ඨ ඇමතිවරු එදා මාධ්‍ය සාකච්ඡා වල හිනා උනා. ආරක්ෂක ලේකම් කිව්වේ මෙහෙම ගහයි කියලා හිතාගෙන හිටියේ නෑ කියලා. 97 වතාවක් දැනුම් දීලා තියෙද්දි කිසිම තීන්දුවක් ගත්තේ නැති ආණ්ඩුවක් තමයි යහපාලන ආණ්ඩුව. රුවන් විජේවර්ධන කිව්වා නවසීලන්තයේ කරපු ප්‍රහාරය වගේ කියලා. රනිල් කිව්වේ මම දන්නේ නැහැ කියලා. හරියට ආරක්ෂක මණ්ඩලය රැස් වුණේ නැහැ කියලත් ඔහු කිව්වා. මේ වගේ ගොඩක් දේවල් එයාලා කිව්වා.

ලඟදි සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා වගකීම ඒයා භාර ගන්නවා කියලා. කලු ඉරිදාව ට සහභාගි වෙලා ජනතාවගේ විරෝධය ආවහම එහෙම කියන්න ගන්නවා. කුරුණෑගල අශෝක් අබේසිංහ කියනවා ගෝඨාභය රාජපක්ෂයි බැසිල් රාජපක්ෂයි එකතු වෙලා මේ දේ කලා කියලා. එතුමන්ලා දෙදෙනා මේ ප්‍රහාරය සැලසුම් කලා නම් අනූ හත් වතාවක් කියද්දීත් බලන් හිටියෙ ඇයි? මෙයාලා හිතන්නේ මේ රටේ මිනිස්සු මෝඩයි කියලා.

පහුගිය යහපාලන ආණ්ඩුව නැගෙනහිර ගිහිල්ලා සමරු පැවැත්වුවා. මුස්ලිම් අන්තවාදයට ඉඩදුන්න ආණ්ඩුවක් තමයි යහපාලන ආණ්ඩුව. මුස්ලිම්වරුන්ට විරුද්ධව කිසි තීන්දුවක් ගත්තේ නැති ආණ්ඩුවක් තමයි ගිය ආණ්ඩුව. මුස්ලිම් අන්තවාදීන්ට අහිංසක මිනිස්සුන්ට ගහලා යන්න ඉඩ හැරියා, රටේ ජනතාව අතහැරලා දැම්මා. ජාතික ආරක්ෂාව අමතක කලා. කිසිසේත් ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු කිසිම කෙනෙකුට පැනලා යන්න අපේ රජය ඉඩ දෙන්නේ නැහැ. අපි ඒ හැම තැනකදිම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි මාධ්‍ය සංදර්ශන දාන්නේ නැහැ. කළ යුතු දේ කරනවා. මට විශ්වාසයි මගේ නායකයාව. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම දඩුවම් ලබා දෙනවා. නැවත වරක් මේ රටේ බෝම්බ පිපිරෙන්න ඉඩ තියන්නෙ නැහැ. අදටත් රවුෆ් හකීම්ට රිශාඩ්ලට කොන්ද පණ නැහැ අන්තවාදීන්ට විරුද්ධව පෙනී සිටින්න. කතෝලික ආගමේ හැටියටත් මෘතදේහ භූමදාන කරනවා. නමුත් කතෝලික අපි භූමදානය කල යුතුයි කියල ඉල්ලුවේ නැහැ. කතෝලික ජනතාව රටේ නීතියට ගරු කළා.

අද පොලිස් කොමිසම ස්වාධීනයි. එදා ස්වාධීන උනේ නැහැ. තමන්ට උවමනා අය එදා පාර්ලිමේන්තුවේ දි පත්කරගත්තා. ඒ යුගය ලෝකෙටම ස්වාධීනයි කියලා පෙන්නුවා. නමුත් එහෙම ස්වාධීනත්වයක් එදා තිබුණේ නැහැ. පූජිතව පොලිස්පති බවට පත් කර ගත්තෙත් එහෙම තමයි. ඒ නිසා තමයි පූජිත කිව්වේ නීතිය නමන්න ඕන තැන මම නමනවා කියලා. එයා නීතිය නැමුවා. ප්‍රසිද්ධියේ මාධ්‍යට ඇවිල්ලා කියනවා මට නීතිය නමන්න පුළුවන් කියලා. එහෙම යුගයක් තමයි එදා තිබුණේ. අද පොලිස්පතිතුමා එහෙම කියනවද? අද අල්ලස් කොමිසම එහෙම කටයුතු කරනවා ද? මොනතරම් ස්වාධීනද. මේක තමා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ වෙනස. ඒ වෙනස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව හරහා අපි අරගෙන ආවා. එම නිසා අපි සැලෙන්නේ නැහැ.