සෞඛ්‍ය අමාත්‍යවරියට ඉක්මන් සුවය පතා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් බෝධි පූජා පිංකමක්.

Association
By Thaya Feb 03, 2021 01:47 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් වෛරසය ආසාදිතව අයි.ඩී.එච් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඉක්මන් සුවය පතා සහ ලක්වාසී සහ ලෝකවාසී සියළු ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කිරීම අරමුණූ කොට ගනිමින් අභයාරාම විහාරස්ථානයේ දී ඊයේ (01) බෝධි පූජා පිංකමක් පවත්වන ලදි.

නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධාත්වයෙන් පැවැති මෙම බෝධි පූජා පිංකම සංවිධානය කොට තිබුනේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් වන අතර, මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.