BMC සුපිරි වෙළඳ මධ්‍යස්ථානය යළි විවෘතවෙයි.

BMC
By Thaya Mar 05, 2021 07:41 PM GMT
Thaya

Thaya

Report

ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹ 12, සංඝරාජ මාවතේ පිහිටි (BMC)නවීකරණය කරන ලද සුපිරි වෙළඳ මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණ . ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද මෙම අවස්ථාවට සහභාගිවිය. 1971 වසරේදී ආරම්භ කර ඇති ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වසර 50 කට ආසන්න කාලයක සිට නවීකරණය කටයුතු සිදුකර නොමැත. විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික

අනුරුද්ධ මහතා විසින් මෙම අලෙවි මධ්‍යස්ථානය නවීකරණ කටයුතු ආරම්භ කරන ලදී. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය එකම ස්ථානයකින් සහනදායි මිලට ජනතාවට ලබා දීමේ අරමුණින් Mini Super Concept සංකල්පය යටතේ මෙහි නවීකරණ කටයුතු සිදුකර ඇත. මෙම උත්සවයේදී ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කාර්ය මණ්ඩලයේ දරු දැරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.