කළු ඉරිදා අදයි.. සියළු කතෝලික පල්ලි ඉදිරියේ විරෝධතා කරන්නැයි දන්වයි..

Protest
By Thaya Mar 07, 2021 08:55 PM GMT
Thaya

Thaya

Report

අද දිනයේ කළු ඉරිදාවක් ලෙස මෙරට කතෝලික සභා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අද දේව මෙහෙයට සහභාගී වන සියලු කතෝලිකයන්ට කළු ඇඳුමින් සැරසී පැමිණි ලෙස දැනුම්දී ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් මෙම සාමකාමී විරෝධතාවය පවත්වයි. අද පැවැත්වෙන දේව මෙහෙය අවසානයේ දේවස්ථාන ඉදිරියේ යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවක් පවත්වන ලෙසද සියලු දේවස්ථානවලට දැනුම් දී තිබේ.