බීලද බලන්න ආපු පොලිස් ලොක්කගේ අත හපා කාලා
By Ashfa
බීමත්ව යතුරුපැදියක් පදිමින් සිටියදී නවතා පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට සපා කා ඇතැයි කියන පුද්ගලයෙකු ජූනි 9 රාත්‍රී කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු 47 හැවිරිදි හෙට්ටිමුල්ල පදිංචිකරුවෙකි. අනවසරයෙන් පලා ගිය ඔහු, පොලිසිය විසින් පසුපස හඹා යමින් බෙරගල මංසන්ධියේදී අත්අඩංගුවට ගත් අතර, පොලිස් සැරයන් හේරත්ගේ දකුණු අතට සපා කා ඇති බවද පැවසේ.
පසුව මත්පැන් පානය කළ බවට පොලිසිය සනාථ කර ඇති මෙම සැකකරු, රථවාහන වැරදි 7ක් අතරින් 4ක් බීමත්ව රිය පැදවීමේ චෝදනා බවද අනාවරණය වී ඇත. ඔහු අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර, කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.