නිරෝධායන රීති කැඩූ තවත් උපන්දින සාදයක්

covid19 quarantine anuradhapura sathosa kesbewa
By Sewvandhi Jun 09, 2021 09:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබේ. එහිදි කාන්තාවන් 5දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අප වාර්තාකරු පැවසීය.

අත්අඩංගුවට ගත් පිරිස අද (09) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයෙ. මේ අතර අනුරාධපුර මාකට් පෙදෙසේ පිහිටි සතොස ශාඛාවේ මත්පැන් අලෙවි සැලේ මත්පැන් තොගයක් අස්ථානගතවු බවට ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලීසිය අද පෙරවරුවේ විමර්ශනයක් ආරම්භ කළේය.

විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ සුරාබදු නිලධාරින් පැමිණ එම අලෙවිසැලට මුද්‍රා තැබීය. මේ අතර සංචරණ සීමා පනවා තිබිය දී අත්‍යවශ්‍ය සේවා අනුමැතින් අවභාවිත කරමින් කොළඹට පිවිසෙන රථවාහන පරීක්ෂාවට ලක්කිරීම සඳහා හඳුන්වාදුන් වර්ණ ස්ටිකර් ක්‍රමය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුයේ නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now