ගව් ගාණක් පසුකර සයිබීරියාව, ඉන්දියාව සහ රුසියාවේ පක්ෂීන් වර්ග 150 ක් ශ්‍රී ලංකාවට

trinco india jaffna sybiria rushia
By Sewvandhi May 08, 2021 05:02 AM GMT
Report

ලෝක කුරුළු පර්යටන දිනය අදට යෙදී තිබෙනවා.

කුරුල්ලෙකු මෙන් ගායනා කරන්න, පියාඹන්න ඉහළට යන්න මෙවර එහි තේමාවයි.

ජීව විද්‍යාත්මක හේතුන් මත හෝ ශීත ඍතුව එළඹීම වැනි දේශගුණික හේතූන් මත ලොව විවිධ රටවල වෙසෙන පක්ෂීන් වෙනත් රටවලට සංක්‍රමණය වීම කුරුළු පර්යටනය ලෙස හැඳින්වෙනවා.

ශ්‍රී ලංකාවට බහුලව සංක්‍රමණික පක්ෂීන් පැමිණෙන්නේ ඉන්දියාවේ සිට සයිබීරියානු ධ්‍රැව වෘන්තය දක්වා වන ප්‍රදේශ වල සිටයි. ඒ අනුව සයිබීරියාව, උතුරු ඉන්දියාව සහ මධ්‍යම රුසියාව වැනි ප්‍රදේශ වල සිට පැමිිණි පක්ෂීන් වර්ග 115 ත් 150 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුලදී දැක ගත හැකියි.

පරිසර අමාත්‍යංශය ප්‍රකාශ කළේ දැනට හඳුනාගෙන ඇති පරිදි එම පක්ෂීන් කල්පිටිය,යාපනය,මන්නාරම සහ ත්‍රීකුණාමලය යන ප්‍රදේශ වලින් දිවයිනට ඇතුලු වන බවයි. සංක්‍රමණික පක්ෂීන් බහුතරයත් මෙරටට පැමිණෙන්නේ අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස වලදීයී.

ඒ අනුව ලෝක කුරුළු පර්යටන දිනය යෙදී ඇති මේ සමයේ ශ්‍රී ලංකාව තුල දැකගත හැකි වන්නේ රෝස මුහුදු ලිහිණියා සහ දක්ෂිණ ධ්‍රැව ශීත ඍතුවේදී පැමිණෙන පර්යටන පක්ෂීන් පමණයි.

මෙලෙස පැමිණෙන සංක්‍රමණික පක්ෂීන් සඳහා ශ්‍රී ලංකාව අතිශය ආරක්ෂිත රටක් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන්ම මෙරටට සංක්‍රමණික පක්ෂීන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මේ වනවිට කොරෝනා වෛරසය සමඟ මෙම සංක්‍රමණ පක්ෂීන්ට මෙන්ම මෙරට පක්ෂීන්ට ද අවදානමකට මුහුණදීමට සිදුවෙලා. ඒ දෛනිකව බැහැර කරන අතිවිශාල මුව ආවරණ ප්‍රමාණය නිසාවෙන්.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ දැනට වාර්තා වන අන්දමට දිනකට රට තුල මුව ආවරණ මිලියන 15 ක් ඉවත දමන බවයි. පසුගිය වසරේ මුල් මාස 06 තුල පමණක් මුහුණු ආවරණ ටොන් 800ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබුණා.

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now