රාගම නගරය ගැන ආණ්ඩුවේ අලුත්ම සැලැස්ම ගැන බිමල් කියයි
රාගම නගරය කේන්ද්‍ර කරගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලැසුම් කර තිබෙන බව ප්‍රවාහන, මහා මාර්ගය සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සදහන් කර ඇත.
එතුමා අද (23) මේ බව ප්‍රකාශ කළේ එම නගරයේ ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්ය. තව දුරටත් අමාත්‍යවරයා සදහන් කළේ රාගම නගරය සෞඛ්‍ය නගරයක් සහ අධ්‍යාපන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි.
එතුමා මේ සම්බන්ධව සදහන් කළේ මෙවන් අදහසකි.
"ජාඇල නගර සංවර්ධන සැලැස්ම යටතේ හඳුනාගෙන තිබෙන රාගම සෞඛ්‍ය නගරයේ සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම සඳහා අනවසර ඉදිකිරීම් බාධාවක් වෙලා තියෙනවා. හය දෙනෙක් වගේ තමයි මේක අල්ලගෙන ඉන්නේ.නිලධාරින් ගියාමත් පරීක්ෂා කරන්න ඉඩදීලා නැහැ කියලා තමයි සාකච්ඡා කළාම දැනගත්තේ. පරණ දේශපාලන හයියවල් අරගෙන කටයුතු කරන බවකුත් පේන්න තියෙනවා. රාගම නගර සංවර්ධනයට මේක බාධාවක්.
ඒ්ක නිසා මේ ඉවත් කිරීමේ කටයුත්ත සිදු කරනවා. රාගම නගරය එක පැත්තකින් සෞඛ්‍ය නගරයක් විදිහට දියුණු කරන්න පුළුවන්. ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනය ලබන විශාල සිසුසිසුවියන් ප්‍රමාණයක් ඉන්නවා. කඳාන ප්‍රදේශයේ නර්සිං ස්කූල් එකක් තියෙනවා. ඒ නිසා එඩියුකේෂන් හබ් එකක් බවටත් පත්වෙනවා. රාගම කියන්නේ බහුවිධ ප්‍රවාහන සේවා ඇති ස්ථානයක්. දුම්රියපොළ තියෙනවා. බස් මගී ප්‍රවාහනය තියෙනවා. ටැක්සි සේවාවන් තියෙනවා. ඒ නිසා අපේ සැලැසුමක් තියෙනවා, රාගම නගරයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරන්න."