ඛනිජ තෙල් සංස්ථාවට විශාල අලාභයක්...

Report

 ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට වසර 08කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීම හේතුවෙන් 2014 – 2022 කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන 3,416 ක අලාභයක් සිදුව ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා පැහැරගනී...

ඉම්රාන් ඛාන්ගේ දේශපාලන උපදේශකවරයා පැහැරගනී...

එහිදී මහා පරිමාණ වංචාවක් සංස්ථාව වෙත සිදු කිරීම සම්බන්ධයෙන් අලෙවි අංශය වගකිව යුතු බවට එහිදී සඳහන් වී තිබෙනවා.

එමෙන් ම, මෙහි නිලධාරීන් මෙවැනි වංචා සිදු කිරීම පිළිබඳව කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් විසින් සිය අප්‍රසාදය පළ කර ඇති බවද වාර්තා වේ.

තවද, කාරක සභාව විසින් පෙන්වා දී ඇත්තේ, මෙම වංචා සඳහා සංස්ථාවේ අභ්‍යන්තර නිලධාරින් පැහැදිලිවම වගකිව යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා ඇති බවත් සඳහන් වේ.

අහුංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට අඳාල වෙඩික්කරු කොටු වේ...

අහුංගල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට අඳාල වෙඩික්කරු කොටු වේ...

වැඩි දුරටත් කරුණු දැක්වූ කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කර තිබෙන්නේ, එම වංචාව සිදුකිරීමට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව සහ එම නිලධාරීන්ගේ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් දින 7ක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ය.

එමෙන්ම, මෙහිදී අනාවරණය වී ඇත්තේ, බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවටයි .

උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය 26 දා සිට...

උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය 26 දා සිට...

මීට අමතරව, 2022 වර්ෂය සඳහා වැඩිපුර ගෙවූ කොමිස් මුදල අලෙවි වියදමක් ලෙස ගිණුම්ගත කර තිබීම පිළිබඳවද මෙහිදී කාරක සභාව විමසා ඇත.

ඒ අනුව මෙම වැඩිපුර ගෙවීම් අයකර ගැනීම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින් පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් කමිටුව විමසා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්, කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති ප්‍රභල ම කාරණය නම්, මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් මේ වන විට රට තුළ නොමැති බවයි .