උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය 26 දා සිට...

By Parami Dissanayake Jun 20, 2024 03:39 PM GMT
Report

 "උරුමය" ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජංගම වැඩසටහනක් මෙම 26 සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර තිබෙනවා.

කොළඹ ජාත්‍යාන්තර සිනමා උළෙල ජුලි 08 සිට...

කොළඹ ජාත්‍යාන්තර සිනමා උළෙල ජුලි 08 සිට...

ඒ අනුව, ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගමට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා සහ ඉඩම්) චන්ද්‍රා හේරත් මහත්මිය පවසා සිටියා ය.