රථ වාහන වෙළඳපොලට තවත් පහරක්? – වරාය තුළ සිරවුණු වාහන 1,000ක්

Economy of Sri Lanka Department of Motor Vehicles vehicle imports sri lanka Latest Headlines Sinhala news
By Shehan Jul 13, 2025 06:01 AM GMT
Shehan

Shehan

Report

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද භාවිත කළ වාහන 1,000කට අධික ප්‍රමාණයක් කොළඹ සහ හම්බන්තොට වරායන්හි නිෂ්කාශනය කිරීමට නොහැකිව සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති නමුත්, මේ දක්වා ඊට සාධනීය විසඳුමක් ලැබී නොමැති බවයි.

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙම වාහන නිෂ්කාශනය කිරීමට නොහැකි වීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන්ද බලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවයි.

එහෙත්, එම සාකච්ඡාවලින් පසුවද මෙම ගැටලුවට තවමත් ඵලදායි විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ඔහු අවධාරණය කළේය. මෙම තත්ත්වය හේතුවෙන් ආනයනකරුවන්ට සැලකිය යුතු ආර්ථික අලාභයක් සිදුවන බවත්, වරායන්හි වාහන රඳවා තබා ගැනීම හේතුවෙන් අතිරේක ගබඩා ගාස්තු ඇතුළු වියදම්ද ඉහළ යමින් පවතින බවත් කුලතුංග මහතා පෙන්වා දුන්නේය.

මෙම ගැටලුව ඉක්මනින් විසඳීම සඳහා රජයේ ඉහළ පෙළේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.

මෙම තත්ත්වය ආනයනික වාහන වෙළඳාමට පමණක් නොව, රටේ ආර්ථිකයටද බලපෑමක් එල්ල කළ හැකි බව ඔවුන් අවධාරණය කර සිටිති.

ReeCha