වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට නව ලොක්කෙක්

Report

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා අද (09) පස්වරුවේ පත් කරනු ලැබීය.

ඒ අනුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ පත්වීම් ලිපිය ජනාධිපති කාර්යාලයේදී ගුණදාස සමරසිංහ මහතා වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ගුණදාස සමරසිංහ මහතා, මෙම ධුරයට පත් වීමට පෙර අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් තිබුණි.

සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට සුබ පණිවිඩයක් - රජයෙන් වැඩිකළ දීමනාවක් බැංකුවට

සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට සුබ පණිවිඩයක් - රජයෙන් වැඩිකළ දීමනාවක් බැංකුවට

රියදුරන්ට විශේෂ පණිවිඩයක් - පොලිසියෙන් ඉල්ලීමක්

රියදුරන්ට විශේෂ පණිවිඩයක් - පොලිසියෙන් ඉල්ලීමක්