ඉරාන නෞකාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයට තොරතුරු දීලා තියෙන්නේ ඉන්දියාව - විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්

Report

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසන ආකාරයට, ඉරාන නෞකාව සම්බන්ධ තොරතුරු ඊශ්‍රායලයට ලබා දී ඇත්තේ ඉන්දියාව විසින් බව සඳහන් කරයි.

ඔහු සඳහන් කළේ, ඉන්දියාවේ නාවික හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ පරිදි, ඉරාන නෞකාව සඳහා ආරක්ෂාව සපයමින්, ඉන්දියානු මුහුදු සීමාවේ සිට ජාත්‍යන්තර මුහුදට පිවිසි අවස්ථාවේ තොරතුරු ඊශ්‍රායලයට ලබා දී ඇති බවයි.

ඉරාන උත්තරීතර නායකයා පත්වීමත් සමඟ එරට වැසියන් මහ පාරට

ඉරාන උත්තරීතර නායකයා පත්වීමත් සමඟ එරට වැසියන් මහ පාරට

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර පවතින ගිවිසුම අනුව මෙම තොරතුරු ලබා දී ඇති අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ආරක්ෂක ගිවිසුම් පිළිබඳව මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව නිසි ලෙස නොදන්නා බවද ඔහු අවධාරණය කර තිබේ.

විමල් වීරවංශ මහතාගේ සඳහන් කරන ආකාරයට අනුව, ඉන්දියාව ක්‍රියා කළ මෙම දුෂ්ට ක්‍රියාවේ ප්‍රතිවිපාකවලට ශ්‍රී ලංකාවට කර ගැසීමට සිදුව ඇති අතර, ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව මෙන් ක්‍රියා නොකළ යුතු බව, සහ ජාත්‍යන්තර පාර්ශ්වයක් හෝ ආයතනයක් මැදිවීම මත නිසි පියවර ගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඉරානයේ ස්ථාන තුනකට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර - මේ වනවිට පුද්ගලයින් 1200ක් මරුට

ඉරානයේ ස්ථාන තුනකට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර - මේ වනවිට පුද්ගලයින් 1200ක් මරුට