ඇමතිනියකට නිවසේ දී වුණ අනතුර - හිසට සහ මුහුණට දැඩි තුවාල.. (PHOTOS)
By krishani
සිය නිවසේ දී බිම ඇද වැටීමෙන් බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනර්ජි අනතුරකට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් තුවාල ලැබු ඇය රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම අනතුරෙන් 69 වියේ පසු වූ මහ ඇමැතිනියගේ හිසට සහ මුහුණට දැඩිව තුවාල සිදුව ඇත.
ඇය ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂය නියෝජනය කරනු ලබයි.
කෙසේ වෙතත්, තුවාලවලට ප්‍රතිකාර ලබා දීමෙන් පසු මහ ඇමැතිනිය රෝහලෙන් පිටව ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.