දුම්රිය රියදුරුට බැන තර්ජනය කොට පහර දුන්න බවට චෝදනා ඉදිරිපත් වීම හේතුවෙන් කන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ...
Sri Lanka
Sri Lanka Railways
By Sithumi
කොළඹ මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.40 ට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට ලගා වීමේ දී සෙමින් වේදිකවට ධාවනය කර වූ යැයි ප්‍රකාශ කරමින් කන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු එම දුම්රියේ රියදුරුට බැණ තර්ජනය කොට පහර දුන් බවට එම රියදුරු පොලීසිය වෙත පැමිණිලි කොට තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ නිලධාරීන් පැමිණ එම කාන්තාව හා පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන මේ වන විට මරදාන පොලිසියේ රදවා තිබෙනවා.
දැනට වාර්තාවන කරුණු අනුව එම කාන්තාව පොලිසියේ රාජකාරි කරන කාන්තා පොලිස් නිලධාරීණියක්.
