ආනයනික රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනයට උපදෙස්

ministry skin care beauty product branded bleaching
By Sewvandhi Apr 16, 2021 12:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටට ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍යවල ශරීරයට ඉතාම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානයට යොමුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඒ බව පැවසුවාය. ඒ අනුව, රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී නිසි නියාමන ක්‍රමවේදයක් සැකසීම ඉතා වැදගත් බව කාරක සභාවේ මතය වූ අතර, ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර ආනයනික ආහාරවල අඩංගු හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් උපදෙස් දී තිබේ. රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් අදාළ නිලධාරීන්ට එලෙස දැනුම් දී ඇත. පොල් තෙල් වැනි මෙරටට ආනයනය කරනු ලබන ආහාර වර්ග ඇතුළු ආහාරවල හානිකර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් එබැවින් ආහාරවල ඇති හානිකර ද්‍රව්‍ය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වහා කටයුතු කරන ලෙසත් එහිදී වැඩිදුරටත් පවසා ඇත.

ආහාර පරීක්ෂාව සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කළයුතු බව සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළයුතු බවද පෙන්වා දී තිබේ. ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින තත්ත්වය උග්‍ර වී ඇති බව ගිණුම් කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.