මීලගට බැසිල් ජනාධිපති වීමේ සූදානමක්!!!.හැබැයි වෙනස් විය යුතුයි.

Basil Rajapaksa
By Thaya Mar 30, 2021 06:51 PM GMT
Thaya

Thaya

Report

බැසිල් රාජපක්ෂ මහතාට මෙරට නායකයා වීමට බැරි කමක් නැති බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. ඒ සඳහා ඔහුට බොහෝ වෙනස්කම් තම ප්‍රතිපත්ති වල සිදුකරගැනීමට වනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. ‘ඔහුට ජනාධිපති වෙන්න ඕන නම් ඔහු වෙනස් විය යුතුයි. දේශපාලන වශයෙන් වෙනස් වෙනවා නම් ප්‍රතිපත්ති වශයෙන් වෙනස් වනවා නම් ඔහු සමඟ කිසි කිසිදු ගැටලුවක් නෑ’ බැසිල් රාජපක්ෂ මහතාට මේ රටේ නායකයා වීමට විභවය ඇති නමුත් ඔහු වෙනස් විය යුතු බව ද වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය. අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.