දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමයි...

Sri Lanka Bar close Wesak festival Rohan Weliwita
By Aruna May 26, 2021 12:54 AM GMT
Aruna

Aruna

Report

වෙසක් උත්සවය නිමිත්තෙන් 26 සහ 27 දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් සහ මස් මාංශ අලෙවි සැල් වසා දමන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

ඒ අනුව 26 හා 27 දෙදින සියලුම සුරා සැල්,සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවි සැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳ සැල් ඔස්සේ මත්පැන් අලෙවිය මෙන්ම මස් මාංශ අලෙවි කිරීම නතර කරන්නැයි අග්‍රාමාත්‍යතුමා දන්වා ඇත.

සංචරණ සීමා කාලයන්ට අදාළව දැනටමත් සුරා සැල් වසා තබන්නැයි රජය විසින් නියෝග කර තිබෙන අතර වෙසක් උත්සවයට සමඟාමීව හෙට සහ අනිද්දා මස් මාංශ අලෙවිය ද මුළුමනින්ම නවතා දැමිය යුතු බව අග්‍රාමාත්‍යතුමා දන්වා සිටියි.

රොහාන් වැලිවිට, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now