බන්දුලගෙන් තවත් සහන මල්ලක්

rice bandula suger relief bag flour
By Sewvandhi Apr 30, 2021 11:38 AM GMT
Report

අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් රු 1000 මිලට “සතොස සහන මල්ල - 2“ මැයි මාසයේ සිට ලබාදීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පසුගිය සහන මල්ලට වඩා මෙවර සහන මල්ලට සම්බා සහ නාඩු හාල් කිලෝව බැගින් ඇතුළත් කර ඇති බවය.

සතොස සහන මල්ල - 2 හි ඇති ද්‍රව්‍ය -:

සම්බා හාල් කිලෝග්‍රෑම් 1

නාඩු හාල් කිලෝග්‍රෑම් 1

පිටි කිලෝග්‍රෑම් 1

රතු ඔස්ට්‍රේලියානු පරිප්පු කිලෝග්‍රෑම් 1

සුදු සීනි කිලෝග්‍රෑම් 1

තායි හාල් මැස්සෝ ග්‍රෑම් 200

විෂබීජනාශක දියර මිලිලීටර්50 ක බෝතලයක්

මුහුණු ආවරණයක් තේ කොළ ග්‍රෑම් 100ක්

සෝයා මීට් ග්‍රෑම් 50 පැකට් එකක්

කෑලි මිරිස් ග්‍රෑම් 100

ඒ අනුව මැයි මස 2 වන දින සිට ලංකාව පුරා ඇති සතොස වෙළෙඳ මධ්‍යස්ථානවලින් සහන මල්ල ලබාගත හැකි බවත් එම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගිකයින්ට රු 5ක් අඩුවෙන් ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක් ද ලබා ගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කරයි.