ඇමති බන්දුලට කොවිඩ් වැළදුන රහස හෙලිවෙයි...ජනතාවගෙනුත් ඉල්ලීමක් කරයි.

Covid Corona Sri Lanka Bandula gunawardhana
By Aruna Aug 28, 2021 04:52 PM GMT
Aruna

Aruna

Report

තමන්ට වෛරසය ආසාදනය වූ ආකාරය ගැන ඇමතිගෙන් සටහනක් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කොරෝනා ආසාදිත වු තම රියදුරාගෙන් වන්නට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔබ පළඳින මුව ආවරණය කිසිසේත්ම ඉවත් නොකළ යුතු බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා සිය සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය. “රට තුළ හදිසි තත්වයක් පවත්නා මොහොතක මහජන නියෝජිතයෙකු වන මා හට රාජකාරි වලින් මිදිය නොහැකි වනවා මෙන්ම මාගේ නිලධාරීන් හා සමීපතමයන් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීමට ද සිදු ව ඇති අවස්ථාවක දී සැමගේ ආරක්ෂාව පිණිස මාගේ රාජකාරි කටයුතු අද දිනද Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරන්නෙමි.

මෙහිදී මා හා පසුගිය දින කිහිපය පුරාවටම සමීපව රාජකාරී ඉටුකළ සෑම දෙනාටම ස්වයං නිරෝධායනයට ලක් වෙමින්, පහසු පරිදි සිය රාජකාරිය මාර්ගගත ඉටු කිරීමටද මා විසින් උපදෙස් ලබා දුන් අතර මොහොතකට හෝ රාජකාරියෙන් බැහැර වීම, රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අහිතකර බලපෑම් කළ හැකි කරුණක් බව පැහැදිලිව පෙනෙන බැවින් මාගේ වගකීම ආරක්ෂිතව ඉටු කරමි.

එසේම, ඔබ වෙත ලබා දිය යුතු එකම උපදෙස් වශයෙන් මා දකිනුයේ ඔබ මුව ආවරණය කිසිසේත්ම ඉවත් කළ යුතු නොවන බවයි.

මන්ද යත්, මෙතෙක් කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදිත Respirone Nano AV 99 මුහුණු ආවරණය පැළඳ සිටි මා ආසාදිත යැයි තහවුරු වූ බොහෝ දෙනා අතර නිරෝගීව සිටි අවස්ථා බහුලය.

නමුත් මාගේ නිල රථයේදී මා විසින් මුහුණු ආවරණය ඉවත් කරනු ලැබීමි.

ඒ වන විටත් වෙෙරසය ආසාදිතව සිටි බව නොදත් රියැදුරු මහතෙකු මාගේ රථය ධාවනය කළ අවස්ථාවකදී, මා විසින් මුහුණු ආවරණය නොමැතිව ගමන් කරනු ලැබීම හේතුවෙන් මෙසේ මා ද ආසාදිත වී ඇති බව විශ්වාස කරමි.

එබැවින් මොහොතකට හෝ ඔබව සුරක්ෂිත කෙරෙන මුහුණු ආවරණය ඉවත් නොකරන්න.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha