3D තාක්ෂණයෙන් යළි නිර්මාණය වූ බාමියන් බුදු පිළිමය
Religion
By Thaya
තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් විනාශ කරන ලද බාමියන් බුදු පිළිමය ත්‍රිමාණ තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්ථාන ත්‍රිමාණ නිර්මාණ ශිල්පී කණ්ඩායමක් විසින් මෙම කටයුත්ත සිදුකර ඇති බවයි. මීට ඉහතදී බාමියන් බුදු පිළිමය ලොව උසම බුද්ධ ප්‍රතිමාව ලෙස සැළකුණු අතර 2001 වසරේ මාර්තු මස තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් එය විනාශ කර දමන ලදී. බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශය සිහිපත් කරමින් එම දිනට සමගාමීව මෙම කටයුතු සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.