''පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අය වැයක් '' ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති කියයි
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සදහන් කරන්නේ මෙවර අය –වැය පෙර නොතිබූ ආර්ථික විනයක් සහිත අය වැයක් බවයි .
එතුමා 2026 අය – වැය සම්බන්ධයෙන් වූ පශ්චාත් අය – වැය සාකච්ඡාවට එක්වෙමින් මේ බව සදහන් කරන ලදි.
ඒ වගේම මෙමගින් නව ආයෝජන සඳහා පිවිසීමට පෞද්ගලික අංශයට විශ්වාසය ගොඩනැඟී ඇති බව බාලේන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.
තවද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා වැඩිදුරටත් සදහන් කළේ මෙවන් අදහසකි.
“වසර ගණනාවකට පසුව අපි දකිනවා අඩු උද්ධමනකාරී තත්ත්වයක් සහ කාලයක් පුරා පවතින අඩු පොලී අනුපාත තත්ත්වයක්. කාලයත් සමග පෞද්ගලික අංශයේ වැඩිවන මේ විශ්වාසය මෙරටට හොඳ වෙනසක් සිදුකරනු ඇති. මෙවර අය – වැයේ තිබෙන වැදගත්ම සාධකය වනුයේ ආර්ථික විනය පවත්වාගෙන යෑමයි. මෙම විනය පෞද්ගලික ව්‍යාපාර ක්‍රියාත්මක වන හෝ සාර්ථක වන ආකාරය කෙරෙහි බෙහෙවින් බලපානවා. ''