මහාචාර්ය චන්න ජයසුමන පදනමින් දහම් පාසල් වලට ස්වයංක්‍රීය උෂ්ණත්වමාන......
කොවිඩ් 19 ආසාදනය රටපුරා පැතිරීම හේතුවෙන් දිවයිනේ පාසල් හා දහම් පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලුවකට මුහුණපාමින් සිටින බැවින් දරුවන් ආරක්ෂා කිරීමේ අරමුණ උදෙසා දහම් පාසල් සදහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මාහාචාර්ය චන්න ජයසුමන මහතා උෂ්ණත්වමාන බෙදා දෙන ලදී .
කොරෝනා වෛරසය හමුවේ වුවද දිවයිනේ දහම් පාසල් නැවත ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවති.එම නිසා දහම් පාසල් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම වැදගත් වේ. මුව ආවරණපැළඳීමත් ඔවුන්ගේ උෂ්ණත්වය මැන බැලීමත් මෙහිදි අත්‍යවශ්‍ය වේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කිරිමට නියමිත දහම් පාසල්වල දරුවන්ගේ ප්‍රයෝජනය සදහා ස්වයංක්‍රීය උෂ්ණත්වමාන 100 ක් බෙදාදීම “චන්න ජයසුමන පදනම”මගින් දහම් පාසල් වලට බෙදාදීම පසුගියදා සිදු කළහ.