හිටපු නායිකා අවුන්සාන් සුකීගේ පුතාගෙන් හදිසියේම ප්‍රකාශයක්.

By krishani Sep 06, 2023 10:58 AM GMT
Report

මියන්මාරයේ රඳවා සිටින හිටපු නායිකා අවුන්සාන් සුකීට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වී ඇතත් බන්ධනාගාර බලධාරීන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ රට පාලනය කරන හමුදා ජුන්ටාව විසින් බව ඇගේ බාල පුත්‍රයා වන Kim Aris සඳහන් කළේ ය.

78 වියේ පසුවන අවුන්සාන් සුකී දැඩි දත් කැක්කුමකින් පෙළෙන බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ඇයට ආහාර ගැනීමට පවා නොහැකි වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග BBC පුවත් සේවයට වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඇයගේ දත් කැක්කුම සමනය කිරීම සඳහා මෘදු ආහාර මෙන්ම ඖෂධීය ජෙලි වර්ගයක් ද ඇයට ලබා දී ඇති බව වාර්තා වන්නේ.

මේ අතර ඇය වමනය කරමින් සිටින අතර ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් දැඩි කරකැවිල්ලක් ඇයට ඇති බවත් එය විඳ දරාගන්නා බවත් ඇයගේ පුත්‍රයා වන එක්සත් රාජධානියේ වෙසෙන Kim Aris සඳහන් කර ඇත.

එමෙන්ම රෝගී සිරකරුවෙකුට නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම කුරිරු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

කෙසේ වෙතත්, ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් හමුදා සහ සිවිල් වෛද්‍යවරුන්ගෙන් නිරන්තර පරීක්ෂාවන්ට ලක්වන බවත් එරට හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.