නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකීට මොකද වුනේ?.. ඇය සම්බන්ධයෙන් අලුත්ම තීරණය.

Myanmar Aung San Suu Kyi
By krishani Aug 01, 2023 11:31 AM GMT
krishani

krishani

Report

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීගේ දඬුවම් කාලය අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව අවුන්සාන් සුකීට එරෙහිව එරට හමුදාව විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහකට සමාව ලැබී ඇත.

එය මත ඇයගේ දඬුවම් කාලය වූ වසර 33ක සිර දඬුවම වසර හයකින් අඩු කර තිබෙනවා.

78 වියේ පසු වූ නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකී කුමන්ත්‍රණයක් හරහා සිය ධුරයෙන් නෙරපා හැරීය.

එම කුමන්ත්‍රණය රට තුළ සිවිල් යුද්ධයක් ඇති කළ අතර දහස් ගණනකගේ මරණයට ද හේතු විය

එයින් පසුව 2021 පෙබරවාරි මාසයේ සිට හමුදාව විසින් ඇයව රඳවා තබාගෙන සිට ඇති අතර අවුන්සාන් සුකීට එරෙහිව ඇති චෝදනා එරට හමුදා විසින් මෙහෙයවන ලද නඩුවල දී විභාග විය.

කෙසේ වෙතත්, පසුගිය සතියේ සිට අවුන්සාන් සුකී මහත්මිය සිරගෙදර සිට Nay Pyi Taw අගනුවර නිවාස අඩස්සියේ තැබීමට ද තීරණය කෙරිණ.

ReeCha