උසස් පෙළ කල් ගිය පසුබිමක අගෝස්තු නිවාඩුව කෙටි වේ

education school january vacation a/l exam
By Sewvandhi Apr 19, 2021 10:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර දෙවැනි වාරයේ පාසල් නිවාඩුව සතියකට සීමා කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසන්නේ විෂය මාලා ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මත එම තීරණය ගත් බවයි.

මෙවර අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් 30 වන දා දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කෙරිණි . ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වන ඉරිදා දින පැවැත්වෙන අතර සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසන් සතියේ පැවැත්වේ.

එවැනි පසුබිමක් තුළ ළමුන්ට දීර්ඝ නිවාඩුවක් ලබා දිය නොහැකි බැවින් විභාග සඳහා පිළියෙල වීමට අවශ්‍ය කාලය ලබා දී ම අරමුණ කරගෙන අගෝස්තු පාසල් නිවාඩුව කෙටි කළ බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ReeCha