අරලියගහ මැදුරේ නඩු ඇසූ නීතිපති ලොක්කෙකුට අසාධ්‍යයි…

attorney General
By Thaya Feb 01, 2021 05:38 PM GMT
Thaya

Thaya

Report

පසුගිය යහපාලන ආන්ඩුව සමයේදී රාජ්‍ය නිලධාරීන් ගණනාවකට විරුද්ධව නොයෙකුත් චෝදනා යටතේ නඩු ගොනුකිරිමට අවශ්‍ය කටයුතු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාටලී චම්පික රනවක, අනුර කුමර දිසානයක ඇතුලු කන්ඩායමක් සහ රජයේ නිතිපති දෙපාර්තුමේන්තුව වෙනුවෙන් එහි නීයෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලෙස කටයුතු කල තුසිත් මුදලිගේ මහතාද සහභාගි විය.

ඔහු මේ වනවිට කොළබ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මොලය ආශිත ශල්‍යකර්මයකට භාජනය කොට ආසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර අන්‍ය ආගමිකයකු වුවද ඔහු වෙනුවෙන් පසුගියදා ගංගාරාමයෙදි නීතිපති දෙපාර්තුමේන්තුව සහභාගිත්වයෙන් බෝධි පූජාවක්ද පැවත්වුනි.

හිටපු ලේකම්වරුන් වන කිත්සිරි රනවක, ආචාර්ය ජයවීර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට ඇතුලු රාජ්‍ය නිලධාරීන් රාශියක් අරලියගහ මන්දිරය මෙහෙයුම අනුව රිමාන්ඩ් ගත කරන ලදි.

එමෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දේශපාලඥන් විශාල ගනනකට ඔහුගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ උපසදෙස් මත රිමාන්ඩ් ගතකොට නඩු පැවරිනි.

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිටට විරුද්ධව ගොනුකල සිල් රෙදි නඩුවේ වරක මොහු විසින් ඔතරම් සිල්‍ රෙදි කුමකට බෙදුවද යන්න උපහාසාත්ම ප්‍රස්න කල අතර විනිසුරුතුමා විසින් ආගම්වලට අපහාස වන පරිදි නඩුව මෙහෙයවීම නොකරන ලෙසද ඔහුට උපදෙස් දුනි.