වරාය නගර පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නෑ….! – නීතිපති…

By Wasantha Apr 18, 2021 06:02 AM GMT
Report

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර දැනුම් දී තිබේ. එය 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු තහනමකට හෝ පනවන ලද සීමා කීරීමකට අදාළ පනත් කෙටුම්පත පටහැනි නොවන බව එහි වැඩි දුරටත් දක්වා ඇත. මේ සම්බන්ධයෙන් ආචාර්ය පී. බී. ජයසුන්දර නීතිපතිවරයා වෙත යැවූ ලිපියකට පිළිතුර ලෙස නීතිපතිවරයා අදාළ නිවේදනය නිකුත් කර තිබේ.