මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්.!!! සජිත් ගෙන් හෙළිදරව්වක්.

Parliament Arrested Harin fenandu Sajith premasada
By Aruna Apr 23, 2021 08:45 AM GMT
Report

පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගැනීමේ සූදානමක් පවතින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් කථානායකවරයා මැදිහත්විය යුතු බව පාර්ලිමේන්තුවේදී අද (23) විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ.

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පසුගිය අඟහරුවාදා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 40දෙනෙකු පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ව අත්අඩංගුවට නොගන්නා බවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් වගකීමෙන් ප්‍රකාශකරන බවය.

මේ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා දැනට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙන බව වාර්තා වෙයි.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න  ගගන whatsApp,වෙත පිවිසෙන්න.

https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb