තවත් PHI කෙනෙකුට පහර දීමක්
වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
මුඛ ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුගෙන්, ඒ පිළිබඳව විමසීමේදී යතුරුපැදිකරු විසින් මහජන සෞඛය පරීක්ෂකවරයාට පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙලෙස පහරදී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවට මේ බව විටත් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා වව්නියාව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලන රාජකාරියේ නිරතව සිටින සෞඛ්‍ය අංශ සහ අනෙකුත් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම, පහරදිම වැනි සිද්ධින්වලට එරෙහිව දැඩිම නීතිය ක්‍රියාත්මක කරන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |