මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නත විද්ද 03ක් මියගියා - සෞඛ්‍ය ඇමතිනිය.

Covid Astrosenica Pawiththra
By Aruna Apr 21, 2021 07:55 AM GMT
Aruna

Aruna

Report

 ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් තිදෙනෙකු රුධිරය කැටිගැසීම හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළාය. ‍

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ඒ බව පැවසුවාය.

“ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වු රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තාවී ඇත.

ලංකාවේ ත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර, ඉන් තුන්දෙනෙක් මරණයට පත්ව ඇත.

මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නොමැති අතර, මෙවැනි සිදුවීම් වාර්තා වීම මිලියනයකට 4 -6ත් අතර බව දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත.

ඒ නිසා කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇති විය හැකි ආබාධ සමග සංසන්දනය කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාවය ඉතා අල්ප බව ලෝක දත්ත අනුව පැහැදිලි වේ.

තවද ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත.“ මේ අතර ඊයේ, මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 367ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසූහ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 97,471කි. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් හමුවූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 94කි.

ඊයේ දිනයේ දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් ගම්පහින් හඳුනාගත් අතර එම සංඛ්‍යාව දැක්වුණේ 54ක් ලෙස දැක්වේ.

කුරුණෑගලින් ඊයේත් ආසාදිතයන් 43 ක් හඳුනාගැනුණි.

එමෙන්ම විදෙස්ගතව සිට මෙරට පැමිණි 22 දෙදෙනෙකුටද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනවී ඇති බව ඊයේ තහවුරු වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 97,471කි. ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 05ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 625ක් දක්වා ඉහළ ගියේය.