ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන බ්‍ර්තාන්‍යයෙන් අනාවරණයක්

Covid-19 Britain Corona Vaccine
By Thaya Apr 08, 2021 06:03 PM GMT
Report

රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත සෘජුවම බලපා ඇති බවට කිසිදු සාක්ෂියක් නැති නමුත් පසුකාලීනව විවිධ බලපෑම් කළ හැකි බවයි. මේ හේතුවෙන් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට ඔවුන් අවධාරණය කරනවා. මේ වන විට එරට මිලියන 20කට අධික පිරිසක් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී ඇති අතර ඔවුන් අතරින් පුද්ගලයන් 79කට ලේ කැටිගැසීම සම්බන්ධ රෝගාබාධ හටගෙන ඇති බවයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය සෞඛ්‍ය පරිපාලන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ, ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාගැනීමෙන් අනතුරුව යම් පුද්ගලයෙකුට ශ්වසන අපහසුතා,පපුවේ වේදනා, කකුල් ඉදිමීම, උදරාබාධ, බරපතළ හිසේ රුදාව, සහ එන්නත් කළ ප්‍රදේශය අවට සම රතු වීම සහ කැසීම සිදුවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි