“ඇස්ට්‍රාසෙනෙකා” එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසීමෙන් මරුට

vaccination astrazeneca blood clots BBC journalist lee shou
By Sewvandhi May 29, 2021 02:40 AM GMT
Report

“ඇස්ට්‍රාසෙනෙකා” කොවිඩ් 19 මර්දන එන්නත ලබාගැනීමෙන් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් BBC පුවත් සේවයේ නිවේදිකාවක් වන 44 හැවිරිදි, ලීසා ෂෝ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇති වූ උණ රෝගයක් හේතුවෙන් පසුගිය සතියේ ඇය රෝහල්ගත කර තිබෙනවා.

එහිදී සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඇයගේ රුධිරය කැටි ගැසීම හේතුවෙන් එම රෝගී තත්ත්වය ඇතිවී තිබෙන බවයි.

ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now