ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් දෙනවාද?(VIDEO)
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත ලබාදීම පිළිබඳ විද්වත් මණ්ඩලයේ අදහස සහ බෝවන රෝග විද්‍යාත්මක කමිටුවේ නිර්දේශ ඉදිරි සති දෙක තුළ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් ලබන මස මුල් සතියේ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහින්. ඊයේ දිනයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 2,093 දෙනාගෙන් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවුණා.
එම සංඛ්‍යාව 364 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 322 ක්, කළුතරින් 292 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 190 ක් වාර්තාවී තිබෙනවා. නුවරඑළියෙන් 148 දෙනෙකු වාර්තාවී ඇති අතර, මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 136 ක් වාර්තාවී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ වාර්තාවූ ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 78 ක්. පසුගිය දින කිහිපයේ ආසාදිතයන් විශාල වශයෙන් වාර්තාවූ පිළියන්දල ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී වාර්තාවී ඇත්තේ ආසාදිතයන් 15 දෙනෙකු පමණයි. එසේම පසුගිය වසරේ ඔක්තෝම්බර් හතරවනදා සිට මේ දක්වා කාලසීමාව තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60,000 ඉක්මවා තිබෙනවා.
එම සංඛ්‍යාව 60,470 ක් වන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 44,565 දෙනෙකු ඔක්තෝම්බර් 4 සිට මේ දක්වා වාර්තාවී තිබෙනවා. මෙම කාලය තුළ අඩුම ආසාදිතයන් වාර්තාවී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 814ක්. මේ අතර ඩෙල්ටා ප්‍රභේදය හෝ වෙනත් ප්‍රභේදයක් පැවතියද ඉන් ආරක්ෂාවීමට නම් කළ යුත්තේ සෞඛ්‍ය ක්‍රමවේද නිසි ආකාරව ක්‍රියාත්මක කිරීම බවයි රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළේ.
නව ඩෙල්ටා ප්ලස් ආසාදිත 40 ක් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්. නව ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිත තවත් 40 කට වැඩි පිරිසක් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් වාර්තාවී තිබෙනවා. මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ්, කේරළ, තමිල්නාඩු, පන්ජාබ්, ආන්ද්‍ර ප්‍රදේශ් හා ජම්මු ප්‍රාන්තවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. මහරාෂ්ඨ ප්‍රදේශයෙන් පමණක් හඳුනාගෙන ඇති නව ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදිත සංඛ්‍යාව 21 ක්. මෙම ආසාදිතයන් වාර්තාවීමත් සමඟ අදාළ ප්‍රාන්ත වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි ඉන්දීය මධ්‍යම රජය පියවර ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |