බදියුදීන් ගේ විලපත්තු වන විනාශයේ හානිය තක්සේරු කෙරේ.

Police Rizad
By Thaya Jan 25, 2021 07:17 PM GMT
Thaya

Thaya

Report

විල්පත්තුව උතුරු වනාන්තර කලාපයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර් 2500 ක් විනාශයට ලක් කිරීමෙන් සිදුකර ඇති හානියට වන්දිය ලෙස හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් ගෙවිය යුතු මුදල තක්සේරු කර නීතිපති දෙපාර්තුමේන්තුව වෙත යවා ඇති අතර එම තක්සේරු මුදල ප‍්‍රසිද්ධියට පත්කිරීම සුදුසුද නැද්ද පිළිබඳව නීතිපති උපදෙස් පතා ඇතැයි වනජීවී රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා පවසනවා.

අධිකරණ නියෝගයක් මත මෙසේ සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් සත් පුද්ගල කමිටුවක් පත්කර තිබූ අතර, එම කමිටුව මගින් මෙසේ සිදුකරන ලද හානි තක්සේරුව ඉකුත් සෙනසුරාදා (23) නීතිපති දෙපාර්තමේන්තුවට හා රිෂාඩ් බදියුදීන් වෙත යවා තිබෙනවා.

නමුත්, මේ පිළිබඳව හානි තක්සේරු කමිටුවේ සභාපති නියෝජ්‍ය වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ ගෙන් විමසූ විට ඔහු ප‍්‍රකාශ කළේ එවන් තක්සේරුවක් තවමත් සිදුකර නොමැති බවයි.

මරිච්චිකට්ටි ප‍්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් අනවසරයෙන් හෙළි පෙහෙළි කර, ඒ තුළ නිවාස ව්‍යාපෘති රැසක් ක‍්‍රියාවට නංවා ඇති අතර, මේ නීති විරෝධී ක‍්‍රියාව සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය මගින් පවරන ලද නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් අධිකරණය විසින් විත්තිකාර බදියුදීන්මන්ත්‍රීවරයාට මෙසේ එම වනාන්තර පද්ධතියට සිදුකරන ලද විනාශය තම වියදමෙන් ප‍්‍රකෘතිමත් කිරීම සඳහා රජයට ගෙවිය යුතු බවට නියෝගයක් ලබා දෙන ලදී.

මේ වන විට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

උපුටා ගැනීම - (දිවයින පුවත්පත)