දේශපාලන ලියුමකින් වෙන්නප්පුවෙන් පැන්නූ ASP එරික් සීදූවේ වැඩ බාරගනිමින් කියපු සැර කතාව

letter aso eric perera seedhuva
By Sewvandhi May 07, 2021 01:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දේශපාලකයන්ගේ මැදිහත් වීමෙන් වෙන්නප්පුව ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබූ බව කියන සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සීදුව ප්‍රදේශයේ වැඩ භාර ගැනීමට කටයුතු කොට ඇත.

එම වැඩ බාරගනිමින් සිය ෆේස්බුක් පිටුවේ එරික් පෙරේරා මහතා විසින් තබා තිබූ සටහනයි මේ…

සීදුව, කටුනායක , ගුවන්තොටුපල.. ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරී ලෙස, නව කාර්යාලයේ රාජකාරි ආරම්භ කලා. රැකියාව කරන තුරු නිල ඇදුම ඇගලන තුරු මගේ ප්‍රතිපත්ති එලෙසම තියේවි. පාසලෙන් ආරම්භව , විශේෂ කාර්යය බලකායෙන් ඔප මටිටමි වු, ⁣ධෛර්යය නොනැසී පවතීවි.සුපුරුදු , හුරුපුරූදු පරිදි රාජකාරි ඉදිරියට කරගෙන යාම අරමුණයි…..

වෙන්නප්පුව රාජකාරි ආරම්භ කර, එදවස,,, මා.. කල ඉල්ලීම ,, පිලිගෙන සහාය දුන් මාගේ සියලු මිතුරන්ට.. මා හට ආදරය කරන මිතුරන්ට .. මා දැන නොදැන ශක්තිය ..

සහාය දුන් සියල්ලටම ගෞරවය , ස්තුතිය පුද කරන්නවා.ඒ සැමගේ විශ්වාසය මතුවටත් රැකීම ඒකායන අරමුණයි . මා විශ්වාසය කල සෑම සියලු දෙනාටම.. මා සෑමදා ශක්තිමත් කරන ශා. ජෝශප් වාස් ආදි විදෙස් සහෝදරයන් ආදරයෙන් සිහිපත් කරනවා.

මා නිසාම .. නිරන්තර පීඩා දරමින් මා ශක්තිමත් කරන ආදරණීය බිරිඳ ත්.. සිහිපත් කරන්නවා .

බුදු සරනයි/දෙවි පිහිටයි

මම මම මයි…

එරික් පෙරේරා ..

මව්රට

  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

join Now